ගනේවත්ත තිත්තවැල්ගල ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය පැතිර ගොස් ඇත්තේ ගව මස් අලෙවි සැලක් මාර්ගයෙන් බව අනාවරණය වී ඇති බව වාර්තා වේ.
තිත්තවැල්ගල ප්‍රදේශය සත්ත්ව මාංශ වෙළඳාමට ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන අතර දිනපතාම දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිට ව්‍යාපාරිකයන් ගව මස් ඇතුළු සත්ත්ව මාංශ මිලදී ගැනීම සඳහා මෙම ප්‍රදේශයට පැමිණෙයි.
එසේ පැමිණි පුද්ගලයෙකුගෙන් කොවිඩ් වෛරසය පැතිර යන්නට ඇතැයි සෞඛ්‍ය බලධාරීන් සැක පල කරන අතර මෙම ප්‍රදේශයේ ගව මස් අලෙවි සැලක් පවත්වාගෙන යන පුද්ගලයෙකුට පළමුවෙන්ම කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගෙන තිබේ.
ඒ අනුව සිදු කරනු ලැබූ අහඹු පීසීආර් පරීක්ෂණ වලින් එම ප්‍රදේශයේ සහ යාබදව පිහිටි පරගොල්ල ගම්මානයේ පිරිසකට ද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව වාර්තා වේ.
එම ප්‍රදේශ දෙකෙහි සිදු කරනු ලැබූ පී.සී.ආර් පරීක්ෂණ වලින් ඊයේ(21) දිනය වන විට කොවිඩ් ආසාදිතයින් 150කට ආසාන්න පිරිසක් හඳුනා ගෙන තිබේ.
කොවිඩ් ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් වාර්තා වීම හේතුවෙන් ඊයේ සිට එම ප්‍රදේශ හුදෙකලා කිරීමට ජාතික කොවිඩ් මර්ධන මධ්‍යස්ථානය පියවර ගනු ලැබීය.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති