අද(27) මධ්‍යම රාත්‍රියේ සිට ඉදිරි පැය 24 ක කාලය තුළ දිවයිනේ කිසිදු තැපැල් සේවාවක් ක්‍රියාත්මක නොවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ දැනුම් දෙයි.
ඒ ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාවට හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනයට සමගාමීවයි.
රට තුළ පවතින දැඩි වියවුල්කාරී දේශපාලන වාතාවරණය හේතුවෙන් මේ වනවිට විශාල ආර්ථික අවපාතයකට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති බව ශ්‍රී ලංකා තැපැල් සේවා මාණ්ඩලික නිලධාරින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මේ හේතුවෙන් මහජනතාව පක්‍ෂ, පාට, ජාති සහ ආගම් බේද පසෙකලා කුසගින්න වෙනුවෙන් ආරම්භ කර ඇති ජීවත්වීමේ අරගලයට සහය දක්වමින් හෙට ඇරඹෙන එක් දින රාජ්‍ය සහ පෞද්ගලික අංශ වෘත්තීය වැඩ වර්ජනයට තම සංගමය ද සියලු ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරින් එක්වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
එමෙන්ම ඉදිරියේ දී ද ක්‍රියාත්මක වන ඕනෑම වෘත්තීය ක්‍රියාමාර්ගයකට තැපැල් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික සහ විධායක නිලධාරින්ගේ සහාය ලබාදෙන බව ද ශ්‍රී ලංකා තැපැල් සේවා මාණ්ඩලික නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චම්පික පෙරේරා පවසයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති