Lanka Plus News

www.lankaplusnews.com

තායිවාන බෙදුම්වාදය පිළිබඳව එහි ඊනියා පාලකගේ ප්‍රකාශ චීනයේ දැඩි විවේචනයට

චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලය චීන තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක Lai Ching-te මෑතකදී පැවැත්වූ ඊනියා “එකමුතුකම පිළිබඳ දේශන” දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.

එම කාර්යාලයේ ප්‍රකාශක Chen Binhua මහතා අද (02) පැවති මාධ්‍ය හමුවක දී මේ බව පැවසීය.

Lai Ching-teගේ ප්‍රකාශයන් “තායිවාන ස්වාධීනත්වය වෙනුවෙන් විදෙස් බලවතුන් මත විශ්වාසය තැබීම” සහ “බලහත්කාරයෙන් ස්වාධීනත්වය සෙවීම” යන ඔහුගේ කුරිරු අභිප්‍රායන් හෙළි කළ බව Chen Binhua මහතා පෙන්වා දුන්නේය. Lai Ching-te තායිවාන ප්‍රදේශයේ ස්වදේශිකයන්ගේ යහපැවැත්ම නොසලකා හරිමින් සිතාමතාම තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සාමය අඩපණ කර ඇත. ඔහුගේ මෙම ක්‍රියා කලාපයන් විශාල බාධාවක් වන බව එම ප්‍රකාශකයා පැවසීය.

“තායිවාන ස්වාධීනත්වය” තායිවාන ප්‍රදේශයේ විශාලතම ව්‍යසනය වන බැවින් චීනය කිසි විටෙකත් බෙදුම්වාදී ක්‍රියාවන් සඳහා අවසරයක් නොදෙන අතර ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට චීනයට ස්ථිර අධිෂ්ඨානයක් සහ ප්‍රබල හැකියාවක් හිමි වන බවත් Chen Binhua මහතා එහිදී අවධාරණය කළේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com