“තායිවාන බෙදුම්වාදය” පසුපස හඹා යාමේ කිසිදු ප්‍රතිඵලයක් නොමැති බව චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශය Lai Ching-te පරිපාලනයට අනතුරු අඟවයි.
චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක කර්නල් Zhang Xiaogang මහතා අද (29) පස්වරුවේ පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.
මෑතකදී චීනයේ තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක Lai Ching-te සඳහන් කර සිටියේ තායිවානය තම ආරක්ෂක හැකියාවන් ශක්තිමත් කර ගැනීමටත්, යුද්ධයට සූදානම් වීමෙන් යුද්ධයෙන් වැළකී සිටීමටත් කටයුතු කරනු ඇති බවයි. අතීතයේ දී මෙන් චීන මහජන විමුක්ති හමුදාව ප්‍රති-ප්‍රහාරක හමුදා අභ්‍යාස පවත්වන්නේ දැයි එම ප්‍රකාශය පිළිබඳව සඳහන් කරමින් වාර්තාකරුවෙකු විමසීය. ඒ සම්බන්ධයෙන් Zhang Xiaogang මහතා අදහස් දක්වමින් කියා සිටියේ “තායිවාන බෙදුම්වාදය” පසුපස හඹා යාම නිසැකවම අසාර්ථක වනු ඇතැයි තායිවාන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂ බලධාරීන්ට අනතුරු අඟවන බවයි. ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා සැමවිටම මනා සූදානමකින් සිටින චීන මහජන විමුක්ති හමුදාව පුහුණු සහ අභ්‍යාස ශක්තිමත් කරන බව ඔහු පවසා ඇත.
More Stories
ජගත් ප්‍රජාව සමග එක්ව සුරක්ෂිත ලෝකයක් ගොඩනැංවීමට සූදානම් — චීනය
ඇමරිකාවේ ක්‍රියාවන් එරට සිටින චීන සිසුන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම්වලට හානියක්, චීනයෙන් දැඩි විරෝධය
ත්‍රෛපාර්ශ්වික සමුළු සහයෝගිතා යාන්ත්‍රණය කලාපීය ආර්ථික සහයෝගීතාවයේ ප්‍රධාන නවෝත්පාදනයක් වන්නේ කෙසේ ද?