තායිවාන බෙදුම්වාදී බලවේගයන්ට වැරදි සංඥා නිකුත් කිරීමෙන් වළකින ලෙසට චීනය පිලිපීනයට අවධාරණය කරන බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය සඳහන් කරයි. පිලිපීන ජනාධිපතිවරයා තායිවාන ප්‍රදේශයේ Lai Ching-te වෙත සුබ පැතීම සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිචාරය පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය මේ බව කියා සිටියාය.
පිලිපීන ජනාධිපතිවරයාගේ එම ක්‍රියාව එකම චීනය මූලධර්මය සහ චීනය හා පිලිපීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ දී එළඹි එකඟතාව බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවද මාඕ නිං මහත්මිය එහිදී පැවසුවාය. එය දේශපාලන වශයෙන් පිලිපීනය චීනයට ලබාදී ඇති ප්‍රතිඥාවන් ද බරපතල ලෙස උල්ලංඝනය කරමින් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට පැහැදිලි ලෙසම මැදිහත්වීමකි. මේ සම්බන්ධයෙන් චීනය පිලිපීනයට දැඩි විරෝධය පළකර සිටින බවද මාඕ නිං මහත්මිය කියා සිටී
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්