තායිවානය සමඟ සම්බන්ධතා වැඩි කරගැනීමට අපේක්ෂා කරන බව යුරෝපා සංගමය ප්‍රකාශ කරයි.
තායිවානයට චීනයෙන් එල්ල වන බලපෑම් සහ තර්ජන වැඩිවෙමින් තිබෙන අතර තායිවානය සම්බන්ධතා ඇති කරගැනීමට උත්සාහ කරන පාර්ශවවලට ද බලපෑම් එල්ල වෙමින් තිබේ.
යුරෝපා සංගමය ඔක්තෝබර් මාසයේ තෙවැනි සතියේ දී තායිවානය සමඟ සම්බන්ධතා ඇති කරගැනීම සම්බන්ධයෙන් දිගින් දිගටම අදහස් දක්වන ලදි.
තායිවානය සහ යුරෝපා සංගමය අතර සම්බන්ධතා ඇති කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා යැයි ද යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේදී ඉකුත් දා ප්‍රකාශ කෙරුණි.
මේ සම්බන්ධයෙත් තවදුරටත් අවධානය යොමු කර ඇතැයි යුරෝපා සංගමයේ තරගකාරීත්වය පිළිබඳ කොමසාරිස්වරිය වන මාග්රරීතා විස්තියර් ප්‍රකාශ කළා ය.
“තායිවානය සමඟ සම්බන්ධතා ඇති කරගන්නා අතරවාරයේදී චීනයේ බලපෑම් කිරීමටත් යුරෝපා සංගමය පිළිතුරු සොයන්න අවශ්‍ය යි. ඊට ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය යි. ඒ වගේම චීනය තායිවානය හා සමාන අදහස් ඇති පිරිස්වලට බලපෑම් කරනවා” යැයි ද ඇය කීවා ය.
තායිවාන සමුද්‍ර සන්ධියේ චීන ක්‍රියාකාරකම් වැඩි වෙමින් තිබෙන බවත් එමෙන්ම තායිවානයේ නිරිත දිග වෙරළට ඔබ්බෙන් චීනය පියාසර මෙහෙයුම් කරන බව ද ඇය පැවැසුවා ය.
“මෙලෙස බලය පෙන්වීම යුරෝපයේ ආරක්ෂාවටත් සෞභාග්‍යයටත් ඍජුව බලපෑම් එල්ල කරනවා” යැයි ද ඇයි කීවා ය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්