තායිවානයේ නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නකින් මියගිය ගණන 46 දක්වා ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
එසේම තවත් පිරිසක් එහිදී තුවාල ලබා තිබේ.
දකුණු තායිවානයේ පිහිටි තට්ටු 13කින් සමන්විත එම ගොඩනැගිල්ල තුළ අද උදෑසන ගින්න හටගෙන තිබුණි.
ගින්න නිවීම සඳහා පැය 4කට අධික කාලයක් ගතවී ඇති අතර මේ වනවිට 79 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර ඉන් 14 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා විය.
ගින්න ඇතිවූ ආකාරය හෝ ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්