කොවිඩ් 19 මර්දන මෙහෙයුම තුළ විද්‍යාත්මක පදනමක් මත ගනු ලබන තාක්ෂණික තීරණ දේශපාලන හෝ වෙන කුමන හෝ බලපෑමකට යටත්ව වෙනස් කිරීමේ ප්‍රතිඵල දන පිළියන්දල ජනතාව අත්විඳිමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.
අද (15) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ එවැනි තාක්ෂණික තීන්දු වෙනස් කිරීම කිසිලෙසකින්වත් යෝග්‍ය නොවන බවයි.
එය ජනතාවට කරන අසාධාරණයක් බවද කොළඹගේ මහතා පෙන්වා දුන්නේය.
මේ වන විට ඊයේ (14) දිනයේදීද කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන අතර එය 126ක් බව දැක්වෙයි.
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය වස දැමීමට එදා ගත් තීරණය නිවැරදි තීරණයක් වූ නමුත් එය වෙනස් කිරීම නිසා මේ වනවිට පිළියන්දල ප්‍රදේශය තුළ කොවිඩ් 19 දැඩි ව්‍යාප්තියක් පෙන්නුම් කරමින් ඇත.
- LNW
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති