පවතින ඉන්ධන මිල වැඩිවීම් සහ අනිකුත් ආර්ථික අපහසුතා සලකා ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට සමස්ත ලංකා ත්‍රිරෝද රථ වෘතීය සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමය ප්‍රකාශ කර සිටියේ පළමු කිලෝ මීටරය සඳහා රුපියල් 80ක් අය කිරීමට සිදුවන බවයි.
මිට පෙර දෙවන කිලෝ මීටරය සඳහා රුපියල් 45ක් ද වැඩි කිරීමට තීරණය කර තිබුණු නමුත් දැන් එය රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇති බවත් එම සංගමය පවසනවා.
මෙම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ඔවුන් අදහස් පළ කර සිටියේ ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මේ අතර මිළ වැඩි කිරීම හමුවේ ඩීසල් සහනාධාරයක් ඉල්ලා අද දිනයේදී ප්‍රවාහන අමාත්‍යංශයට ඉල්ලීමක් ඉදිරිපත් කරන බව පුද්ගලික බස් හිමියන් පවසනවා.
කිසියම් අයුරකින් බස් ගාස්තු වැඩිවීමක් සිදුවුවහොත් අවම බස් ගාස්තුව රුපියල් 25 ත් 30 ත් අතර අගයකට සහ අනෙකුත් ගාස්තු සියයට 30 කින් පමණ වැඩිවිය හැකි බවයි සමස්ත ලංකා පුද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියා සිටියේ.
මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ත්‍රී රෝද රථ ගාස්තු ඉහළ දැමීමට ත්‍රී රොද රථ හිමියන් තීරණය කර තිබෙනවා.
ඒ අනුව නාගරික ප්‍රදේශවල පළමු කිලෝමීටරය සඳහා රුපියල් 70 ක්ද දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 55 ක් බැගින්ද අය කිරීමට උපදෙස් ලබාදුන් බවයි සමස්ත ලංකා ත්‍රි රෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා කියා සිටියේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති