Lanka Plus News

www.lankaplusnews.com

තවත් සිගිත්තෙක් මෙලොවින් සමුගනී

කිලිනොච්චිය – කරඬිබොක්කුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු එකහමාරක කුඩා පිරිමි දරුවෙකු ඇළකට වැටීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බවට වාර්තා වී ඇත.

දරුවාගේ මව නිවසේ ළිඳ අසළ රෙදි සෝදමින් සිටියදී ඔහු තම අවුරුදු 6 ක් වයසැති සොහොයුරා සමඟ සෙල්ලම් කරමින් සිටයදි විවෘතව තිබූ ගේට්ටුවෙන් මෙම දරුවා ඇළ දෙසට ගමන් කිරීමේදී ඇළට වැටී ඇති බවයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙන්නේ.

පසුව දරුවා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කළද ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව හමාර බවට පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com