හෙට්ටිපොළ කෝන්වැව ප්‍රදේශයේ නිවසක් තුල තිබී හිසේ කැපුම් තුවාල සහිත පුද්ගල මල සිරුරක් හමුවී තිබෙනවා.
මියගොස් ඇත්තේ කෝන්වැව, මඩංපොල පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
මෘත ශරීරය මේ වනවිට මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව, කුලියාපිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.
අදාළ පුද්ගලයා නිවසේ තනිව සිට ඇති අතර, බිරිඳ ඔහු සමග අමනාප වී ඇයගේ නිවසට ගොස් සිටි අවස්ථාවේදී යි මෙම ඝාතනය සිදුව ඇත්තේ.
ඝාතනයට අදාළ සැකකරුවන් තවමත් හඳුනා ගෙන නොමැති අතර, හෙට්ටිපොල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති