කියුබාවේ නිෂ්පාදිත ඇබ්ඩාලා කොවිඩ් මර්දන එන්නත වියට්නාමය තුළ භාවිත කිරීමට එරට රජයේ අනුමැතිය හිමිවී තිබේ.
වියට්නාමයේ අනුමැතිය හිමිවූ අටවැනි කොවිඩ් මර්දන එන්නත මෙය වේ.
මේ අතර ඩෙංගු සහ මැලේරියා රෝග හේතුවෙන් ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තය දැඩි අර්බුදයකට මුහුණපා සිටින බව වාර්තා විය.
ප්‍රාන්තයේ කොවිඩ් ආසාදන මේ වන විට පහළ අගයක් ගෙන ඇතත් ඩෙංගු සහ මැලේරියා රෝගීන් වේගයෙන් ඉහළ යමින් ඇති බව රෝහල් බලධාරීන් පවසයි.
ලොව පුරා රටවලින් මේ වන විට හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 228,955,299 ලෙස වාර්තා වේ.
වසංගතයෙන් සිදුවූ ගෝලීය මරණ සංඛ්‍යාව 4,700,355 කි.
More Stories
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය