ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානය නව රජය පිහිටුවීම සම්බන්ධයෙන් නායකයින් අතර මත ගැටුම් ඇතිව තිබෙනවා.
කණ්ඩායමේ සම නිර්මාතෘ මුල්ලා අබ්දුල් ගානි බරදාර් සහ කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු අතර ඇති වූ බහින් බස් වීමක් ජනාධිපති මන්දිරයේදී සිදුවී ඇතැයි තලේබාන් උසස් නිලධාරීන් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පසුගිය දින කිහිපයක සිට තලේබාන් නායකත්වය තුළ එකඟ නොවීම් පිළිබඳ තහවුරු නොකළ තොරතුරු ලැබි ඇති බව සඳහන්.
කෙසේ වෙතත් ඒවා තලෙයිබාන් සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්