මෙරටට පැමිණ ගාල්ලේ ගිංතොට ප්‍රධාන පෙලේ සංචාරක හෝටලයක නතරව සිටින ඉන්දිය ජාතික කාන්තාවන් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ දියණියන් තිදෙනකුට කොවිඩ් ආසාදිත වී තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කර තිබේ.
මොවුන් ඉන්දියාවේ තමිල්නාඩුවේ පදිංචිකාරියෝ වන බව වාර්තා වෙයි.
ආසාදිත කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 34 සහ 38 හැවිරිදි වන අතර දියණියන් තිදෙනා අවුරුදු 5,6,9 යන වයස්වල පසුවන දැරියන් ය.
පසුගිය අප්‍රේල් 30 දින මෙම හෝටලයට මොවුන් පැමිණ තිබෙන අතර පසුගිය 05 වන දින සිදු කරන ලද පී.සී.ආර්.පරික්ෂණයේදි ඔවුනට කොරෝනා ආසාදිතවි ඇති බවට හඳුනා ගෙන තිබේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්