ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට සහ ඊලෝන් මස්ක්ගේ නායකත්වයෙන් යුත් රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ අදාළ ප්‍රතිපත්තිවලට විරුද්ධත්වය පළ කිරීම සඳහා, ඇමරිකාව පුරා ඊයේ (5) උද්ඝෝෂණ දහසකට අධික සංඛ්‍යාවක් පැවැත්විණ.

එම දිනයේම, වොෂිංටන් නුවර සහ එරට ප්‍රාන්ත 50 ක උද්ඝෝෂණ 1,300 ක් පමණ පවත්වා ඇත. ඒ සඳහා සමාජ කණ්ඩායම් සිය ගණනක් එක් ව ඇති බව වාර්තා වේ.

ෆෙඩරල් සේවකයන් විශාල වශයෙන් සේවයෙන් ඉවත් කිරීම, රාජ්‍ය ආයතන කිහිපයක් අහෝසි කිරීම, වෛද්‍ය ව්‍යාපෘති සඳහා ලබා දෙන අරමුදල් කප්පාදු කිරීම, සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම යන ප්‍රතිපත්ති, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුව සහ ඊලෝන් මස්ක්ගේ නායකත්වයෙන් යුත් රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කිරීමෙන් පසු, ජනතාවගෙන් දැඩි විරුද්ධත්වයක් එල්ල වී තිබේ. මෙම ජාතික විරෝධතාව ආරම්භ වීමට පෙර, ඇමරිකාවේ විවිධ ප්‍රදේශවල මීට පෙර ද විරෝධතා මාලාවක් පැවැත්විණ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com