ලෝක ආර්ථික සංසදයේ 2024 වාර්ෂික සමුළුව ඇරඹේ.
එම සමුළුව ඊයේ(15) ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හිදී ආරම්භ විය. ‘විශ්වාසය නැවත ගොඩනැංවීම’ යන මැයෙන් පැවැත්වෙන එම සමුළුවේදී, ආර්ථික වර්ධනය හා දේශගුණික ක්‍රියාකාරිත්වය ඇතුළු ගෝලීය වැදගත් කරුණු සම්බන්ධයෙන් සහයෝගිතා ප්‍රවර්ධනය පිළිබඳ ගැඹුරින් අදහස් හුවමාරු කර ගැනෙනු ඇත.
රටවල් හා ප්‍රදේශ 120ක නියෝජිතයෝ 2800කට වැඩි පිරිසක් එම සමුළුවට එක්වෙති. දින 5ක් පුරා පැවැත්වෙන එම සමුළුවේදී සෑම මට්ටමකම නියෝජිතයින් වත්මන් ගෝලීය සංවර්ධනය මුහුණ දී සිටින ගැටලු පිළිබඳව සාකච්ඡා කර ප්‍රායෝගික හා නව්‍ය විසඳුම් යෝජනා කරනු ඇත.
“බෙදී ගිය ලෝකයේ ආරක්ෂාව සහ සහයෝගීතාව සාක්ෂාත් කර ගැනීම”, “නව යුගයේ වර්ධනය සහ රැකියා උත්පාදනය”, “ආර්ථික හා සාමාජීය සංවර්ධනය ප්‍රවර්ධනයට කෘත්‍රිම බුද්ධිය” සහ “දිගුකාලීන දේශගුණික, සොබාදහම හා බලශක්ති උපායමාර්ග ක්‍රියාත්මක කිරීම” යන ප්‍රධාන තේමා හතරක් මෙවර වාර්ෂික සමුළුවේදී අවධානයට ලක් කෙරේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්