පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ සමඟ සාකච්ඡා කර, නිශ්චිත කාල සීමාවක් සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම මේ මොහොතේ කළ යුතු ප්‍රායෝගික ක්‍රියා මාර්ගය බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යවමින් සඳහන් කරඇත.
රට දේශපාලන වශයෙන් මෙන් ම, ආර්ථික වශයෙන් බරපතළ අර්බුදයකට ලක්ව ඇති මේ අවස්ථාවේ ගත හැකි ප්‍රායෝගිකම විසඳුම එය යැයි ද ඇමැතිවරයා ජනාධිපතිවරයාට යැවූ ලිපිය ලිපියේ සඳහන් කර ඇත.
එවන් ක්‍රියාමාර්ගයකදී, වරප්‍රසාද හෝ තනතුරක් බාර නොගෙන, අවශ්‍ය සහාය රට වෙනුවෙන් මෙන්ම, පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ලබාදීමට තමා අධිෂ්ඨාන කරගෙන සිටින බව ද ඔහු සිය ලිපියේ සඳහන් කර ඇත.
අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය ඇමතිධුරයෙන් ඉල්ලා අස්වෙම්න් මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යවා ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති