මෙක්සිකෝවේ සුරූපි නිළියක් වන ටානියා මෙන්ඩෝසා වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.
මොරේලොස් කලාපයේ පිහිටි ඇගේ පුතාගේ පාපන්දු පුහුණු පාසල අසල දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් ඇයට වෙඩි තබා පලා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
ඇය ආසන්නයටම පැමිණි වෙඩික්කරුවෙක් වෙඩි ප්‍රහාර කිහිපයක් තබා ඇති බව සදහන්.
මෙක්සිකෝවේ දෛනිකව කාන්තාවන් 10 දෙනෙක් පමණ ඝාතනය කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මීට වසර කිහිපයකට පෙර නාඳුනන පිරිසක් විසින් ටානියා, ඇයගේ සැමියා සහ මාස 6ක් වූ පුතාව පැහැරගෙන ගොස් නිදහස් කර තිබු බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ