අමෙරිකානු ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල වලට අනුව වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට මඳක් පසුබා සිටිනවා.
ප්‍රතිවිරුද්ධ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් මේ වනවිට සමස්ත කොට්ඨාස 538 න් 223 ක බලය තහවුරු කරගෙන සිටින අතර ට්‍රම්ප්ට හිමිව ඇත්තේ කොට්ඨාස 174 ක ජය පමණයි.
ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම සඳහා යම් අපේක්ෂකයෙක් කොට්ඨාස 538 න් 270 ක ජය තහවුරු කරගත යුතුයි.
කෙසේ වෙතත් කොට්ඨාස ඡන්ද වැඩි ප්‍රමාණයක් සහිත තීරණාත්මක ප්‍රාන්තවල ප්‍රතිඵල තවමත් නිකුත් වෙමින් පවතිනවා.
ඉදිරි සිව් වසර වෙනුවෙන් අමරිකාවේ පාලන බලය හිමිකර ගන්නා ලෝක බලවතා තෝරා පත් කර ගන්නා 59 වැනි ජනාධිපතිවරණ නිල ඡන්ද විමසීම ඊයේ සිදු වුණා.

More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්