ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණය ඉලක්ක කරගනිමින් පැවැත්වූ පළමු ජන රැලිය සංවිධානය කළ සංවිධායක මඬුල්ලේ හයදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලකින් පක්ෂය නියෝජනය කරමින් සිය දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙන් නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටිනවා.
ඒ අනුව ජනාධිපති ට්‍රම්ප්ගේ පළමු ජන රැලිය ඔක්ලහෝමා ජනපදයේ ටුල්සා නුවර දී ඊයේ (20) පැවැත්වුණා.
රැලිය ආරම්භ වීමට පෙර ‘කොවිඩ්-19’ පරීක්ෂණ සිය ගණනක් කර තිබූ අතර ඒ අනුව රැලිය සංවිධානය කිරීමට සම්බන්ධ වූ හයදෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙනවා.
ඔවුන් සියලු දෙනා නිරෝධායන ක්‍රියාවලියට ගත් බවත් කඩිනම් ක්‍රියාමාර්ග ගත් බවත් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ ප්‍රකාශකයකු වන ටිම් මෝටාහ් සඳහන් කර තිබෙනවා.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්