ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන ලෝක දේශගුණ සමුලුවට චීනය සහ රුසියාවේ නියෝජිතයින් සහභාගී නොවීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විවේචනය කර තිබෙනවා
ඔහු සිය දේශනයේදී ප්‍රකාශ කර ඇත්තේ ලෝකයටම බලපාන පොදු ප්‍රශ්නයක් බවට පත්වී ඇති දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන මෙම වැදගත් අවස්ථාවට චීනය සහ රුසියාව සහභාගී නොවීම බරපතල තත්ත්වයක් බවයි
ලොව පුරා රටවල් 120ක නායකයින් සහභාගී වූ මෙම සමුලුවට එක් නොවීම සම්බන්ධයෙන් චීනය සහ රුසියාව මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ
කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ අදහස වන්නේ අදාළ රටවල නියෝජිතයින් සමුලුවට සහභාගී නොවීමෙන් ගම්‍ය වන්නේ ඔවුන් ලෝක දේශගුණ අර්බුධ වලදී නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවටයි.
More Stories
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය