ඇමෙරිකාවේ තිබෙන අමතර කොරෝනා එන්නත් බෙදාහැරීමේ වැඩසටහනට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර ඇත.
ඇමරිකාවේ ඇති අමතර කොරෝනා එන්නත් අනෙක් රටවලට බෙදා හරින ලෙස ජෝ බයිඩන් පාලනයට විශාල පීඩනයක් ඇති වූ අතර ඒ අනුව විවිධ පාර්ශවවලින් එල්ලවූ චොදනා හමුවේ ජෝ බයිඩන් එම තීරණය ගෙන තිබේ.
ඒ අනුව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ (03) ඊට ප්‍රතිචාර දක්වමින් එන්නත් බෙදාහැරීම වැඩසටහන ප්‍රකාශයට පත් කළේය.
මේ අනුව එම එන්නත් වල පළමු කොටස ආසියාව, ලතින් ඇමෙරිකාව, කැරිබියානු කලාපය සහ අප්‍රිකාවට එන්නත් මාත්‍රා මිලියන 25ක් බෙදාහැරීමට නියමිත ය.
ඉන් එන්නත් මාත්‍රා මිලියන හතක් ලැබෙන්නේ ආසියානු කලාපයට ය. ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, මාලදිවයින, මැලේසියාව, පිලිපීනය, වියට්නාමය, ඉන්දුනීසියාව, තායිලන්තය, ලාඕසය, පැපුවා නිව් ගිනියාව, තායිවානය, සහ ශාන්තිකර දූපත් එම රටවල් ගොන්නට ඇතුළත් වෙයි.
තවද ජූනි මාසය අවසන් වනවිට එන්නත් මාත්‍රා මිලියන 80ක් බෙදා දීමට බයිඩන් පරිපාලනය සැලසුම් කර තිබෙන බව ධවල මන්දිර වාර්තා පෙන්වා දෙයි.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්