ගිනිගැනීමකට ලක්වන නිවසක සිරවී සිටි ජීවිත තුනක් බේරාගත් පුංචි වීරයන් දෙදෙනෙකුගේ පුවතක් පිළිබඳව මේ වනවිට ලෝකයේ ම අවධානය යොමුව තිබේ.
අදාළ සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයෙන්ය.
මෙම වීර ක්‍රියාව සිදුකරන්නේ Anthony Lombardi සහ Mario Comella යන අවුරුදු 12 සහ 13 වයස්වල පසුවන දරුවන් දෙදෙනෙක් විසින්ය.
ඔවුන් දෙදෙනා තම මිතුරෙකුගේ නිවසක් පසුකර යන අවස්ථාවේ නිවසේ ගිනි ගැනීම් පිළිබඳව අනතුරු ඇඟවීමේ සංඥාව නාද වී ඇත.
එම අවස්ථාවේ ඔවුන් නැවත එහි පැමිණ ඉතා ඉක්මණින් ඔවුන්ගේ මිතුරාගේ පියාට දුරකථන ඇමතුමක් ලබාගෙන තිබේ.
එහිදී ලැබෙන රහස් අංකය භාවිත කර නිවසේ ඉදිරිපස දොර විවෘත කරගන්නා මෙම දරුවන් නිවසේ සිරවී සිටි සුනඛයන් තිදෙනෙකුගේ දිවි බේරාගැනීමට සමත්වෙයි.
එම වීර ක්‍රියාව නිවසේ ඉදිරිපස දොරෙහි සවිකර තිබූ කැමරාවක පටිගතව තිබුණේ මෙලෙසින්.
More Stories
චීන ජනපති Shanxi හිදී ජපාන ආක්‍රමණයට එරෙහි චීන ජනතා යුද්ධය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පුෂ්පෝපහාර දක්වයි
ගෝලීය අභියෝග හමුවේ බ්‍රික්ස් සහයෝගීතා වර්ධනය චීන අගමැති අවධාරණය කරයි
17 වන බ්‍රික්ස් සමුළුවේ Rio de Janeiro ප්රකාශනය නිකුත් කරයි