දෙඹරු ප්‍රහාරයකට ලක්විමෙන් ගාල්ල බටේමුල්ල ජාතික පාසලේ සිසු සිසුවියන් 19 දෙනෙකු අද (18) දහවල් ඉමදුව රෝහලට ඇතුලත්කොට ඇති බැව් ඉමදුව පොලිසිය පවසයි.
පාසල් කාලය තුල මෙම සිසු සිසුවියන් දෙඹර ප්‍රහාරයට ලක්ව ඇත.
දෙඹරු ඇනිමෙන් පාසල් සිසුන් 17 දෙනෙකු හා සිසුවියන් 02 නෙකු රෝහල්ගතකොට ඇත.
රෝහලෙන් ප්‍රථිකාර ලබාගෙන සිසු සිසුවියන් 16 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇති අතර සිසුන් තිදෙනකු රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන අතර එම සිසුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති