ශ‍්‍රී ලංකා එල්ලේ සම්මේලනය සංවිධානය කරන ජාතික එල්ලේ ශූරතාවලිය අද ආරම්භ වනවා.
කණ්ඩායම් 130 ක සහභාගීත්වයෙන් ක‍්‍රීඩාංගණ 13 කදී මෙම තරඟාවලිය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
අද සිට මැයි මස අවසන් සතිය දක්වා සෑම සති අන්තයකදීම තරඟ පැවැත්වෙනවා.
එල්ලේ සංගමයේ සභාපති ජයතිස්ස රොද්‍රිගූ මහතා ප‍්‍රකාශ කළේ තම සංගමයේ නිල කාලය මැයි 31 වැනිදායින් අවසන් වීමට පෙර තරගාවලියේ අවසන් මහා තරඟය පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති