ලෝක බුද්ධිමය දේපළ හා නවෝත්පාදන ක්ෂේත්රයේ චීනය වැදගත් ස්ථානයක පසුවන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
ජාත්‍යන්තර බුද්ධිමය දේපළ සහයෝගිතාව හා පාලනයේ දී චීනය ගන්නා පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (3) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.
පේටන්ට් සහයෝගිතා ගිවිසුමට එක් වී වසර 30 ක් තුළ, බුද්ධිමය දේපළ පිළිබඳ නීති පද්ධතිය අඛණ්ඩව සංවර්ධනය කරමින් සිටින චීනය, ජාත්‍යන්තර බුද්ධිමය දේපළ සංවිධානය සමඟ ජයග්‍රාහී සහයෝගිතා ගොඩනගා ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය. එම ගිවිසුමට අනුව චීනය ඉදිරිපත් කර ඇති ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව අඛණ්ඩ වසර 4 ක් තිස්සේ ලොව පළමු ස්ථානයට පත් ව ඇත. මේ හේතුවෙන් ගෝලීය නවෝත්පාදන ක්ෂේත්රයේ වැදගත් කොටසක් චීනයට හිමි ව ඇතැයි ද Wang Wenbin මහතා පැවසීය.
More Stories
අසීරුතා අභිබවමින් චීන ආර්ථික වර්ධනය අඛණ්ඩව
ඇමරිකාව සෙසු රටවල විද්‍යා හා තාක්ෂණ සංවර්ධන අයිතිවාසිකම්වලට ගරු කළ යුතු බව චීනය කියයි
චීනය තවත් චන්ද්‍රිකා සමූහයක් කක්ෂගත කරයි