ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමමූලික කරගත් චීනයේ නිදහස් වෙළඳ කලාප සංවර්ධන සැලසුම් නිකුත් කෙරේ

“නිදහස් වෙළඳ නියමු කලාප වැඩිදියුණු කිරීමේ උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීම පිළිබඳ උපදෙස් ”නිකුත් කෙරේ. චීන කොමියුනිස්ට්පක්ෂ මධ්‍යම කාරක සභාව සහ චීන රාජ්‍ය මණ්ඩලය පසුගිය දා එම උපදෙස් නිකුත් කර තිබේ. එය චීනයේ නිදහස් වෙළඳ නියමු කලාපයන්හි සංවර්ධන කටයුතු සඳහා වන පද්ධතිමය සැලැස්මක් ලෙස සැලකේ.

නිදහස් වෙළඳ නියමු කලාප වැඩිදියුණු කිරීමේ උපාය මාර්ගය, සිය විවෘතභාවය ඉහළ නංවාලීම සහ ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා චීනය ගෙන ඇති වැදගත් පියවරකි. ජාත්‍යන්තර මට්ටමේ ආර්ථික හා වෙළඳ රෙගුලාසි සලකා බලා චීනයේ නිදහස් වෙළඳ නියමු කලාප දෙස් විදෙස් වෙළඳාම සම්බන්ධ කෙරෙන කේන්ද්‍රස්ථාන බවට පත් කිරීම, මෙහි අරමුණ වී ඇතැයි එම උපදෙස් මගින් පෙන්වා දෙයි. ඒ අනුව වසර 5ක කාලයක් තුළ රටේ නිදහස් වෙළඳ නියමු කලාපයන්හි ප්‍රතිපත්තිමය විවෘතභාවය, පද්ධතිමය ප්‍රතිසංස්කරණය සහ ආර්ථික සංවර්ධන ගුණාත්මකභාවය පූර්ණ වශයෙන් වැඩිදියුණු කිරීමට අපේක්ෂා කෙරේ. එසේ ම විදෙස් ආයෝජන උපරිමයෙන් ලබාගැනීම වෙනුවෙන් නිදහස් ආයෝජන ප්‍රතිපත්ති වඩාත් ඉහළ මට්ටමකින්අනුගමනය කරමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ව්‍යාපාරික පරිසර නිර්මාණය කිරීමට කටයුතු කරන බව ද “නිදහස් වෙළඳ නියමු කලාප වැඩිදියුණු කිරීමේ උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීම පිළිබඳ උපදෙස් ”හි සඳහන් වෙයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com