අන්තර්ජාතික ජල ක්‍රීඩා සම්මේලනයේ සභාපතිවරයා මෙන්ම ආසියානු ඔලිම්පික් සමුළුවේ අධ්‍යක්ෂකවරයා ද වන, කපිතාන් හුසේන් අල් මුසාලම් අද මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති, සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ ආරාධනයකට අනුවයි ඒ මහතා මෙරට සංචාරයකට එක්වෙන්නේ.
අන්තර්ජාතික ජල ක්‍රීඩා සම්මේලනයේ උසස් නිලධාරියකු මෙරට සංචාරයක නිරතවන පළමු වතාව මෙය වන අතර කපිතාන් හුසේන් අල් මුසාලම් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හමුවීමට සැළසුම් කර තිබෙනවා.
මෙරට පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම පුහුණුකරුවන්ට අන්තර්ජාතික ජල ක්‍රීඩා සම්මේලනයේ පුහුණු ශිෂ්‍යත්ව ලබාගැනීම සදහා ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව අන්තර්ජාතික ජල ක්‍රීඩා සම්මේලනයේ සභාපතිවරයා සමග සකච්ඡා කරනු ඇති.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති