ජාත්‍යන්තර ආරක්ෂක තත්ත්වය සහ න්‍යෂ්ටික නිරායුධකරණය ඇතුළු කරුණු පිළිබඳ චීනයේ ස්ථාවරයන් පැහැදිලි කෙරේ.
78 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිරායුධකරණය සහ ජාත්‍යන්තර ආරක්ෂක කමිටුවේ රැස්වීමකට සහභාගි වූ චීන නියෝජිත පිරිසේ නායක සහ විදේශ අමාත්‍යාංශයේ අවි පාලන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Sun Xiaobo මහතා මේ පිළිබඳ අදහස් දැක්වීය.
නව අභියෝගයන් හමුවේ විවිධ පාර්ශ්ව ගෝලීය උපායමාර්ගික ස්ථාවරත්වය ආරක්ෂා කොට උපායමාර්ගික අවදානම අවම කළ යුතු බව Sun Xiaobo මහතා එහිදී අවධාරණය කළේය.
හෙතෙම සඳහන් කළ පරිදි, න්‍යෂ්ටික අවි ප්‍රථමයෙන් භාවිත නොකිරීම යන ප්‍රතිපත්තිය විශ්වීය වශයෙන් ක්‍රියාත්මක කළ යුතුය. න්‍යෂ්ටික නිරායුධකරණය, “ගෝලීය උපායමාර්ගික ස්ථාවරත්වය පවත්වා ගැනීම” සහ “සියලු රටවල ආරක්ෂාව අඩු නොකිරීම” යන මූලධර්ම අනුගමනය කළ යුතු අතර එය තාර්කිකව හා ප්‍රායෝගිකව ඉදිරියට ගෙන යා යුතුය. න්‍යෂ්ටික අවි ව්‍යාප්ත නොකිරීමේ සම්මුතිය මත පදනම් වන ජාත්‍යන්තර න්‍යෂ්ටික නිරායුධකරණය හා න්‍යෂ්ටින අවි ව්‍යාප්ත නොකිරීමේ පද්ධතිය දැඩි ලෙස ආරක්ෂා කළ යුතුය.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්