අද (31) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි වෛද්‍ය පර්යේණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට දන්වා තිබිණි. කෙසේ නමුත් වෛද්‍යවරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ නොමැති බවයි වාර්තා වන්නේ.
වෛද්‍යවරයා වෙනුවට නීතිඥ තිසත් ගුණවර්ධන මහතා පෙනී සිට තිබෙනවා. සිය නීතිඥවරයා මාර්ගයෙන් ජයරුවන් බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමුකර ඇති අතර ඔහු ඉන් පවසා තිබෙන්නේ අද දිනයේදී පෙනී සිටීමට නොහැකි බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීම සඳහා දින 14 ක කාලයක් ලබාදෙන ලෙස ඔහු ඉල්ලා තිබෙනවා.
ජයරුවන් බණ්ඩාර මහතා යූටියුබ් නාලිකාවක් සමග පසුගියදා සිදුකළ සාකච්ඡාවකදී ප්‍රකාශ කළ කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි ඊයේ දැනුම් දී තිබුණේ.
———Lanka News Web———
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති