වොෂිංටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් චූදිතයන් 8 දෙනෙකුට එරෙහිව සෞදි අරාබි අධිකරණය සිරදඬුවම් නියම කර තිබෙනවා.
සෞදි පාලනය විවේචනයට ලක් කළ පුද්ගලයෙක් ලෙස ප්‍රකට කාෂෝගී 2018 වසරේ ඔක්තෝබර් මාසයේදී තුර්කියේ ඉස්තාන්බුල් හි පිහිටි සෞදි අරාබි කොන්සල් කාර්යාලයේදී ඝාතනය කර තිබුණි.
ඉන්පසු පසුගිය දෙසැම්බර් මාසයේදී සෞදි බලධාරීන් පැවසුවේ ඔවුන් එම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 11 දෙනෙකු ගැන පරීක්ෂණ පවත්වන බවයි.
අධිකරණ තීන්දුව අනුව විත්තිකරුවන් 5 දෙනෙක් ට වසර 20 බැගින් සිරදඬුවම් නියම විය. එක් විත්තිකරුවෙක් වසර 10කට ද අනෙක් දෙදෙනාට වසර 7 බැගින් ද සිරදඬුවම් නියම කර තිබේ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්