චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී, චීන සහ ජපාන විදේශ අමාත්‍යාංශ නිලධාරීන් අතර පැවති සාකච්ඡා පිළිබඳ විස්තර කළේය.
Mao Ning මහත්මිය එහිදී සඳහන් කළේ, ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හැරීම බලහත්කාරයෙන් සිදු කිරීම සම්බන්ධයෙන්, චීනය දැඩි ස්ථාවරය සහ දැඩි විරෝධය පැහැදිලි කර ඇති බවයි. ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හැරීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන්ගේම මාර්ගයේ එල්බ නොසිටින ලෙසට චීනය ජපානයෙන් ඉල්ලා ඇති බවද ඇය පැවසුවාය.
චීන විදේශ අමාත්‍යාංශයේ ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් Liu Jinsong මහතා, ජපාන විදේශ අමාත්‍යාංශයේ ආසියානු හා සාගර කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ, පසුගිය 22වැනිදා Tokyo හිදී මෙම වසරේ තෙවැනි කාර්ය උපදේශනය පැවැත්වීය. චීන-ජපන් සාමය සහ මිත්‍රත්වය පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමේ 45 වැනි සංවත්සරය නිමිත්තෙන්, සෑම මට්ටමකම ආශ්‍රයන් පවත්වා ගැනීම මෙන්ම, ප්‍රායෝගික සහයෝගීතා සහ මානව සංස්කෘතික හුවමාරු ශක්තිමත් කළ යුතු බව, දෙපාර්ශ්වයම විශ්වාස කළහ.
ජපානය ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හැරීමේ සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රකාශයක්

More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ ඉරාන-ඊශ්‍රායල විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සාකච්ඡා
දකුණු චීන මුහුදු කලාපයේ සිදු වන ඕනෑම හමුදා මෙහෙයුමයක් සිය පාලනය යටතේ පවතී–චීන හමුදාව
චීන-මධ්‍යම ආසියානු සහයෝගීතාවය කැළඹිලි සහිත ලෝකයකට වැඩි ස්ථාවරත්වයක් ගෙන එයි