ජපානය දෙවන අදියරේ න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීම කෙරෙහි චීනය විරෝධය පළ කරයි.
Tokyo විදුලි සමාගම ප්‍රකාශ කළේ දෙවන අදියරේ න්‍යෂ්ටික අප ජලය මුහුදට මුදා හැරීමේ කටයුතු ආරම්භ කළ බවයි.මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා පැවසුවේ ජපානය න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීම කෙරෙහි චීනය දරන ස්ථාවරය වෙනස් නොවන බවයි.ජපානයේ ඒකපාර්ශ්වික න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීම කෙරෙහි චීනය දැඩි ලෙස විරෝධය පළ කරමින් එය හෙළා දකින බව ඔහු පැවසීය.
ජපානය වගකිව යුතු ආකාරයෙන් න්‍යෂ්ධික දූෂිත ජලය පාලනය කළ යුතු ය. දිගු කාලීනව ක්‍රියාත්මක කළ හැකි ජාත්‍යන්තර නිරීක්ෂණ සැලසුමක් ස්ථාපිත කිරීම ජගත් ප්‍රජාව ප්‍රවර්ධනය කළ යුතුය.එමෙන්ම ජපානය අසල්වැසි රටවල සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ ඵලදායී සහභාගීත්වය සහතික කළ යුතු බව ද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා පැවසීය.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්