ජපානයේ භූ කම්පනයෙන් විපතට පත් ප්‍රදේශයේ ආපදා සහන කටයුතු සඳහා අනිවාර්ය සහාය ලබාදීමට සූදානම් බව චීනය ප්‍රකාශ කරයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව ප්‍රකාශ කළේ අද (3) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැඟූ අදාළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ජපානයේ Ishikawa කෝරළයේ සිදුවූ ප්‍රබල භූ කම්පනය පිළිබඳව චීනය ඊයේ (2) ජපානය වෙත දැඩි සංවේගය පළ කළ බව ඔහු පැවසීය. එරට ආපදා කළමනාකරණ කටයුතු සඳහා අනිවාර්ය සහාය ලබා දීමට ද චීනය සූදානමින් සිටී. ජපානයේ සිටින චීන ජාතිකයන්ගේ මරණ හෝ තුවාල ලැබීම් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බව ද වං වෙන් බින් මහතා කියාසිටියේය.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය