ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය

ජපන් සිවිල් ගුවන් යානයක් චීනයේ Diaoyu දූපත ආසන්න ගුවන් ප්‍රදේශයට නීතිවිරෝධී ලෙස ඇතුළු විය. මේ සම්බන්ධයෙන් ජපානයේ චීන තානාපති Wu Jianghao මහතා ඊයේ(03) ජපාන උප විදේශ අමාත්‍ය  Funakoshi Takehiro මහතාට දැඩි විරෝධය පළ කර ඇත.

ජපානය මෙම තත්ත්වයේ බරපතලකම පිළිබඳ දැනුවත්ව, එවැනි ගැටළු නැවත සිදුවීම වැළැක්වීම සඳහා ප්‍රායෝගික පියවර ගන්නා ලෙස චීනය ඉල්ලා සිටින බව Wu Jianghao මහතා පැවසීය. ජපානය යළි මෙවැනි ප්‍රකෝපකාරී ක්‍රියාමාර්ග සිදු කරන්නේ නම්, චීනය ඒවාට දැඩි ලෙස ප්‍රති-පියවර ගනු ඇති අතර චීනයේ ජාතික ස්වෛරීභාවය සහ සමුද්‍රීය අයිතිවාසිකම් ස්ථිරව ආරක්ෂා කරනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com