න්‍යෂ්ඨික පරමාණු පිටවීමකදී හෝ වෙනත් න්‍යෂ්ඨික බලාගාර සම්බන්ධ සිද්ධියකදී ඕනෑම මොහොතක ජපානය යුක්රේනයට අදාළ සහය ලබාදිමට සූදානමින් සිටින බව නිවේදනය කළා.
අද උදෑසන පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ජපානයේ විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මේ බව සඳහන් කර තිබුණා.
යුක්රේනයේ පවතින යුදමය වාතාවරණය ඕනෑම මොහොතකදී න්‍යෂ්ඨික බලාගාර සම්බන්ධ සිදුවීමක් සිදුවිය හැකි අතර, එසේ සිදුවුවහොත්, ජපානය තමන් සතු අත්දැකීම් හා සහය යුක්රේනයට ලබාදෙන බවයි ඔහු කියා සිටියේ.
යුක්රේන න්‍යෂ්ඨික බලාගාර පිළිබඳ සිද්ධීන් දෙකක් පසුගිය දින දෙකක වාර්තා වුණා.
ඒ, චර්නොබිල් බලාගාරයේදී දෙපරිස අතර ගැටුමක් සිදුවීමෙන් හා, යුරෝපයේ දැවැන්තම න්‍යෂ්ඨික බලාගාරය වන Zaporozhskaya බලාගාරයේ ගින්නක් ඇතිවීම හේතුවෙන්.
අදාළ ගින්න ඉතා ඉක්මනින් නිවා දැමුණු අතර ප්රතික්රියාකාරකයන්ට එයින් කිසිදු බලපැමක් සිදුවූයේ නැහැ.
ඉන් පසු යුක්රේනය හා රුසියාව විසින් එකිනෙකාට චෝදනා කරගැණුනු අතර, කිසිවෙකු වරද භාරගෙන නොතිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්