ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය සහන අවභාවිතය පිළිබඳ පවතින සැකය හේතුවෙන් මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය දීමට ජපානයට නොහැකි යැයි ජපානයේ මෙරට තානාපතිවරයා පැවසූ බවට පැතිර යන ප්‍රකාශ සම්බන්ධයෙන් කොළඹ ජපාන තානාපති කාර්යාලය පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
ඒ අනුව කොළඹ ජපාන තානාපති කාර්යාලය නිවේදනය කර ඇත්තේ අදාළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවය.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය අග්‍රාමාත්‍ය ලේකම්වරයා වෙත අද (01) ලිඛිතව මේ බව දැනුම් දී තිබේ.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වූ වැඩසටහනට හා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගනිමින් අඛණ්ඩව සහාය වන බව ජපාන තානාපති හිදෙකි මිසුකොෂි මහතා පවසා තිබේ.
අද (01) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවු අවස්ථාවේදී ජපාන තානාපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති