ජපන් රජයෙන් ඩොලර් මිලියන 3ක ඖෂධ ශ්‍රී ලංකාවට ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ ජපන් තනාපති මිසුකෝෂි හිදෙකී පවසයි.
ජපන් තනාපතිවරයා මේ බව පැවසුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර අද පැවැති හමුවකදීයි.
එම හමුව හිටපු ජනාපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවසේදි පැවැත් විණි.
එහිදී ජපන් තානාපතිවරයා සමඟ හිටපු ජනාධිපතිවරයා සුහද සාකච්ජාවක නිරත විය.
ශ්‍රී ලංකාවට මේ මොහොතේ අත්‍යවශ්‍ය ඖෂධ පිළිබඳව මීට පෙර තමන් ජපන් තනාපති කාර්යාලය දැනුවත් කළ අතර ඒ පිළිබඳවද ජපන් තානාපතිවරයා ප්‍රකාශ කර සිටියේ මේ මස තුළ ජපන් රජයෙන් ඩොලර් මිලියන 3ක ඖෂධ ශ්‍රී ලංකාවට ලබාදීමට ඔවුන් සුදානම් බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති