ජපානයේ ෆුමිහියෝ කුමරු එරට සිංහාසනයේ මීළඟ උරුමකරුවා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
ඔහු ජපානයේ නරුහිටෝ අධිරාජ්‍යයාගේ සොහොයුරායි. ෆුමිහිටෝ කුමරු මේ වන විට පසුවන්නේ 54 වැනි වියේ. සිංහාසනය සඳහා ෆුමිහිටෝ කුමරු නිල වශයෙන් නම් කිරීමේ උත්සවය ටෝකියෝහිදී පැවැත්විණ. ඔහු නරුහිටෝ අධිරාජ්‍යයාට වඩා වයසින් අවුරුදු 6ක් ලාබාල වෙයි.
නරුහිටෝ අධිරාජ්‍යයාට සිටින්නේ,දියණියක බැවින් ඇයට සිංහාසනයට උරුමකම් කීමේ හැකියාවක් නොමැත. සිංහාසනයට උරුමකම්කීම නිල වශයෙන් නම් කිරීමේ උත්සවය රිකෝෂි නොරි ලෙස හදුන්වන අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එම මාස 7ක් පමණ ප්‍රමාද වෙයි.
ඊයේ පැවති උත්සවයට අධිරාජ්‍ය පවුලේ සාමාජිකයින් සහ තවත් අමුත්තන් 46 දෙනෙක් පමණ සහභාගී වී සිටියි. ඔවුන් මුව ආවරණ පැළඳ වෛරස ව්‍යාප්තිය පාලනයේ,සෞඛ්‍ය නීතිවලට අනුගතවෙමින් කටයුතු කරනු දැකගත හැකියි.





More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්