චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ මෙවර Guangxi Zhuang ස්වායත්තයේ නිරීක්ෂණ සංචාරයේ පළමු නැවතුම වූයේ නැන්නිං නගරයේ Panlong ජන ප්‍රජාවයි. එහි සංස්කෘතික හා ක්‍රීඩා ක්‍රියාකාරකම් සඳහා වෙන් කර ඇති විශේෂ අවකාශයේ, ප්‍රජාවේ වැසියන් සාම්ප්‍රදායික චීන අක්ෂර කලාවන් පුහුණු වීම, ජන ගී ගායනා කිරීම වැනි ක්‍රියාකාරකම් සිදුවෙයි. එහි පැමිණි ජනාධිපතිවරයා ජනතාව සමඟ සුහදශීලීව අදහස් හුවමාරු කර ඇත.
ජන ප්‍රජාවක් යනු ජාතික පරිපාලන පද්ධතියේ මූලික ඒකකය යි. නාගරික ජන ප්‍රජාවන් පාලනය කිරීම කෙරෙහි ෂී ජින් පිං මහතා වැඩි අවධානයක් යොමු කරන අතර, එම ප්‍රජාවන් පිළිබඳ සියුම් නිරීක්ෂණ රාශියක් සිදු කර ඇත. සෑම ජන ප්‍රජාවකම සිදුවන කුඩා සංසිද්ධීන් පවා ජනතා දිවි පැවැත්ම පිළිබඳ වැදගත් කරුණු ලෙස ඔහුගේ හදවතේ රැඳී පවතී.


More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ