ජනතාවගේ ජීවනෝපාය තවදුරටත් වැඩිදියුණු කරමින් ඔවුන්ගේ හදිසි අවශ්‍යතා විසඳීම කෙරෙහි ආණ්ඩු පක්ෂයේ හා රජයේ අවධානය යොමු වෙයි. එසේම ජනතා ජීවනෝපාය වඩාත් සාධාරණ, සමබර, පොදු ප්‍රතිලාභ සහ ප්‍රවේශ විය හැකි වන සේ ප්‍රවර්ධනය කිරීමට, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ රාජ්‍ය මණ්ඩලය උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
එහි දී, සමාජ ආරක්ෂණ ආවරණය ඵලදායී ලෙස පුළුල් කරමින්, අඩු ආදායම්ලාභීන් සඳහා ලබා දෙන සහාය ශක්තිමත් කළ යුතුය. සෑම අංශයකම මූලික රාජ්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කරමින්, පුරවැසියන්ගේ ස්ථිර පදිංචි ස්ථාන වෙතින්ම මූලික රාජ්‍ය සේවාවන් සැපයීමේ ක්‍රමවේදය ප්‍රවර්ධනය කිරීම අවශ්‍ය වේ. අධ්‍යාපනික සම්පත් පුළුල් කරමින් එය වැඩිදියුණු කිරීම ප්‍රවර්ධනය කිරීමට පියවර ගත යුතුය. උසස් තත්ත්වයේ වෛද්‍ය සහ සෞඛ්‍ය සම්පත් පොදුවේ භුක්ති විඳීම ප්‍රවර්ධනය කරමින් වැඩිහිටියන් සහ දරුවන් සඳහා පොදු වාසිසහගත සේවාවන් අංග සම්පූර්ණ ලෙස සංවර්ධනය කළ යුතුය. ජනතාවගේ ‘දොරටු අසල ප්‍රජා සේවා’ සංවර්ධනය කරමින් විවිධාංගීකරණ ජීවන සේවාවන්හි ගුණාත්මකභාවය වැඩිදියුණු කළ යුතුය. ප්‍රතිඵල පොදුවේ භුක්ති විඳින සේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම ඇතුළු කරුණු එම උපදෙස් මාලාවට ඇතුළත්ය.
More Stories
චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාන්ත්‍රණයේ පළමු රැස්වීම පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රතිචාරය
සෞදි අරාබිය ඇතුළු රටවල් හතරක් වෙත චීනයෙන් නිදහස් වීසා පහසුකම්
බාහිර පීඩා මධ්‍යයේ වුවද චීනයේ විදේශ වෙළඳාමේ වර්ධනයක්