2021 ජනවාරි 22 වනදා සිට විදෙස් සංචාරකයින් ඇතුළු සියලුම වාණිජ ගුවන් ගමන් සඳහා මෙරට ගුවන් තොටුපොල විවෘත කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසයි.
ඒ අනුව සෞඛ්‍ය අංශවල විශේෂ අධීක්ෂණය යටතේ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් රට විවෘත කෙරෙන බවයි ඒ මහතා සඳහන් කළේ.
ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ද ප්‍රකාශ කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතවෙමින් ගුවන්තොටුපොළ විවෘත කිරීමට පියවර ගැනීම ගැටලුවක් නොවන බවය.
“සංචාරක ව්‍යාපාරය මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් සපයනවා. ඒ නිසා සංචාරක ව්‍යාපාරය ඉතා ඉක්මණින් නැවත ආරම්භ කිරීමේ අවශ්‍යතාව තියෙනවා. නමුත් අපි එය සිදුකළ යුත්තේ කොවිඩ් -19 වසංගතයේ ආසාදිතයින් අපේ රටතුළ නිදැල්ලේ හැසිරීමට අවස්ථාවක් නොලැබෙන ආකාරයෙන්,” යනුවෙන් ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති