ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (26) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ හෙට පෙරවරු 11.00 ට අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවය.
ඊට පෙර, පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
“හෙට උදේ අපි පක්ෂ සභාපතිතුමාත් එක්ක සාකච්ඡා කරනවා මොනවද අපි කතා කරන්නේ කියන එක. මේ සන්ධානයේදී අපි ගිවිසුම් කිහිපයකට එළඹුණා. මේ එකඟතා පදනම් කරගෙන තමයි අපේ සාකච්ඡා ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ.”
More Stories
යුද්ධය පැවති සමයේ මෙරටින් පලාගොස් ඉන්දියාවේ සරණාගතයින් ලෙස රැඳී සිටින පුද්ගලයින්ට මෙරටට පැමිණීමේ දී පවතින බාධා ඉවත් කිරීමට පියවර
ජනපති අනුරගෙන් පොරොන්දුවක්
පුංචි ඡන්දය මැයි 06