නව ආගමික ස්ථාන ලියාපදිංචිය සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට පැමිණීමට පෙර, තවදුරටත් සාකච්ඡා කිරීම වැදගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.
ඒ බෞද්ධ උපදේශක සභාව 13 වන වතාවට ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ දී.
නව ආගමික ස්ථාන ඉදිකිරීම, පවත්වාගෙන යාම, ඉරුදින දහම් පාසල්, විහාර දේවාලගම් පනත, උතුරු හා නැගෙනහිර පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සතු ඉඩම් වල මැනුම් කටයුතු සහ පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය යන කරුණු සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව සඳහන්.
නව ආගමික ස්ථාන ලියාපදිංචි කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග වෙන වෙනම සැලකිල්ලට ගත යුතු බවටද මෙහි දී සාකච්ඡාවට ලක් කර තිබෙනවා.
පුරාවස්තු සහිත භූමි ආශ්‍රිතව පිහිටුවන විහාරස්ථාන ලියාපදිංචි කිරීමේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්දේශය සහ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බව මහා සංඝරත්නය මෙම හමුවේදී අවධාරණය කළා.
ඉදිරි මාස කිහිපය තුළ පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයටද අවධානය යොමුව තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති