කොවිඩ් -19 වසංගතයට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකාව ගත් උත්සාහය පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා අගය කරයි.
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ අද(25) පැවැති දුරකථන සංවාදයක් අතරතුර දී පාකිස්ථාන අගමැතිවරයා මේ බව සදහන් කර තිබේ.
නායකයන් දෙදෙනා දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා, කලාපීය තත්ත්වය ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළ බව කොළඹ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
කොවිඩ් -19 පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර, ජීවිත බේරා ගැනීම, ජීවනෝපායන් සුරක්ෂිත කිරීමට සහ ආර්ථිකය පවත්වා ගැනීමට ගන්නා උත්සාහයන් පිළිබඳව ඔහු ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇත.
කොරෝනා වසංගත තත්ත්වය පහව යාමෙන් පසු පාකිස්තානයේ සංචාරයකට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට, ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා ආරාධනාවක් ද කර තිබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති