අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මේ වන විට සිර දඬුවම් විදිනු ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමණායක හට එළඹෙන පෙබරවාරි මස 04 වෙනිදා ජනාධිපතිවරයාගේ සමාව යටතේ නිදහස් කරන මෙන් ඉල්ලා කලාකරුවන් පිරිසක් විශේෂ සංදේශයක් ජනාධිපතිවරයාට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙම ලිපිය අත්සන් කිරීම පසුගියදා කොළඹ පිහිටි ප්රසිද්ධ හෝටලයක සිදුකර තිබුණා.
මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත රැගෙන ගොස් භාරදීමේ වගකීම එම අවස්ථාවට එක්ව සිටි ඇවන්ගාර්ඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති භාරගෙන තිබූ බවයි වාර්තා වුණේ.
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු