සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන් හදාරා ඇති විෂය මාලාව අනුව අදාළ ක්ෂේත්‍රයේ රැකියා සඳහා යෙදවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
ඒ, සැප්තැම්බර් 2 වැනිදා සිට ක්‍රියාත්මක එක්ලක්ෂ පනස් දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන විමසුමට ලක්කරමින් ය.
සුදුස්සන් තෝරා ගැනීමේදී සෑම ග්‍රාම සේවා වසමකම දරිද්‍රතාවයෙන් ඉහළම පිරිසක් තෝරා ගැනීමට පියවර ගතයුතු යැයි ද ජනාධිපතිතුමා දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ, රාජ්‍ය සේවයේ ඇති දුර්වලතා සහ අඩුපාඩු මග හැරෙන ලෙස රැකියාගත පුහුණුවක් ලබා දිය යුතු බවයි.
දිස්ත්‍රික්ක රැසක පාසල්වල පවතින ගුරු හිඟය පියවීමට නව පත්වීම්ලාභීන් අනියුක්ත කිරීමටද මෙහිදී තීරණය වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්