මෙරට ජනගහනයෙන් 67% කට පමණ ප්‍රමාණයකට බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම සඳහා අවශ්‍ය එන්නත් තොග ඇනවුම් කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුනසේන මහතා පැවසුවේ ඊට අදාළ අත්තිකාරම් මුදල් ද මේවනවිට ගෙවා ඇති බවයි.
මේ අතර මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේදී පුද්ගලයින් 62008 දෙනෙකු එන්නත්කරණයට ලක් කර තිබෙනවා.
ඉන් පුද්ගලයින් 22644 දෙනෙකුට ලබාදී ඇත්තේ කොරෝනා මර්දන එන්නතක පළමු මාත්රාවයි.
ඊයේ දිනයේදී දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 39364 ක්.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්