ජගත් ප්‍රජාව සමග එක්ව සුරක්ෂිත ලෝකයක් ගොඩනැංවීමට සූදානම් බව චීනය පවසයි.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ මධ්‍යම කාරක සභාවේ දේශපාලන හා නීති කටයුතු පිළිබඳ කොමිසමේ ලේකම් Chen Wenqing මහතා මේ බව පැවසුවේ ඊයේ(28) රුසියාවේ පැවති ආරක්ෂක කටයුතු පිළිබඳ උසස් පෙළේ නියෝජිතයින්ගේ 13 වැනි ජාත්‍යන්තර සම්මේලනයට එක් වෙමිනි. රටවල් හා ජාත්‍යන්තර සංවිධාන 126කින් පැමිණි නියෝජිතයෝ මෙම සම්මේලනයට එක්ව සිටියහ.
ජගත් ප්‍රජාව සමග එක්ව, සහයෝගයෙන් ඒකාබද්ධ, තිරසර ආරක්ෂක දැක්ම අනුගමනය කිරීමට සහ විවිධ අවදානම් හා අභියෝගයන්ට ද පොදුවේ මුහුණ දීමට චීනය සූදානම් බවත් එහිදී Chen Wenqing මහතා සඳහන් කළේය.
ඊට සමගාමීව, බ්‍රික්ස් රටවල නියෝජිත කණ්ඩායමේ ප්‍රධානීන්ගේ හමුව මෙන් ම Shanghai සහයෝගිතා සංවිධානයට අයත් සාමාජික රටවල නියෝජිත කණ්ඩායමේ ප්‍රධානීන්ගේ හමුවට ද හෙතෙම එක්විය. එමෙන් ම, ඔවුන්ගෙන් ඇතැම් ප්‍රධානීන් සමග පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලට ද Chen Wenqing මහතා සහභාගී විය. අන්තර්ජාතික ආරක්ෂක සහයෝගිතා, ගෝලීය ආරක්ෂක පාලනය තහවුරු කිරීම සම්බන්ධයෙන් ඔවුහු එහිදී එකඟතාවන්ට පැමිණියහ.
මීට අමතරව, Chen Wenqing සහ රුසියාවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් Sergei Shoigu යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් චීන-රුසියා නීති බලාත්මක කිරීම සහ ආරක්ෂක සහයෝගිතා පිළිබඳ යාන්ත්‍රණයේ 10 වැනි රැස්වීම පවත්වා ඇත.
More Stories
ඇමරිකාවේ ක්‍රියාවන් එරට සිටින චීන සිසුන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම්වලට හානියක්, චීනයෙන් දැඩි විරෝධය
“තායිවාන බෙදුම්වාදය” පසුපස හඹා යාමේ කිසිදු ප්‍රතිඵලයක් නැහැ – චීනය
ත්‍රෛපාර්ශ්වික සමුළු සහයෝගිතා යාන්ත්‍රණය කලාපීය ආර්ථික සහයෝගීතාවයේ ප්‍රධාන නවෝත්පාදනයක් වන්නේ කෙසේ ද?