මැතිවරණ සහ මැතිවරණ නීති වෙනස් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු එහි ප්‍රධානීන්ගෙන්ද ලබන සතියේදී අදහස් විමසීමට තීරණය කර ඇතැයි මැතිවරණ නීති සංශෝධනය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ලේකම්,පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මිය කියන්නීය.
මෙයට අමතරව මැතිවරණ කටයුතු නිරීක්ෂණය කරන පැෆරල් සංවිධානය ඇතුළු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මෙන්ම සිවිල් සංවිධානද ඒ සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා ඉදිරි දිනවල කැඳවන බව ඇය සඳහන් කළාය .
දේශපාලන පක්ෂ කිහිපයක් එම කමිටුව හමුවේ දැනටමත් යෝජනා ඉදිරිපත් කර ඇත .
මේ අතර මැතිවරණ සහ මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් යෝජනා හා අදහස් 120කට ආසන්න සංඛ්‍යාවක් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට මේ දක්වා ලැබී ඇතැයිද රෝහණදීර මහත්මිය කීවාය .
මේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු මාස හයක් ඇතුළත අවසන් කිරීමට එම කමිටු සාමාජිකයෝ බලාපොරොත්තු වෙති .ඉන්පසු එම කමිටුවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත .
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති